ක්ෂේත්‍ර අලෙවි නිළධාරි - කොළඹ 04

ක්ෂේත්‍ර අලෙවි නිළධාරි - කොළඹ 04

Job Description

අපගේ ක්ෂේත්‍ර අලෙවි නිළධාරින් BIMA හි සාර්ථකත්වයට අතිශයින් වැදගත් වේ - ඔවුන් පළමු වරට අපගේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වී විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දෙයි. පාරිබෝගිකයන්ගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඔවුන් හා ඍජුව හමු වී BIMA හි නිෂ්පාදන අලවි කිරීම, විසදුම් ලබාදීම අලෙවි නිළධාරින්ගේ වගකීම වේ. BIMA ක්ෂේත්‍ර අලෙවි නිළධාරියෙකු වීමට ඔබ අලවිකරණය සදහා කැමත්තක් දැක්විය යුතුය. එසේම ඔබ විශිෂ්ට පාරිබෝගික සේවාවක් ලබා දිම සිදුකල යුතුය. කාර්යභාරයන් සහ වගකීම් 1. BIMA නිෂ්පාදන, සේවාවන් හා අලෙවික්‍රම පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීම. නිෂ්පාදනවල සහ සේවාවල වෙනස්කම් සමඟ යාවත්කාලීනව සිටිමින් පාරිබෝගිකයාට මනා සේවාවක් සැපයීම. 2. BIMA හි නිෂ්පාදන සහ සේවාවන් අලෙවිකිරීම සඳහා පාරිබෝගිකයින් සමග සම්බන්ධ වී ඒ පිලිබඳ ඔවුන් දැනුවත් කිරීම. 3. පළමුව පාරිභෝගිකයාගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයට උචිත ආකාරයේ නිෂ්පාදන සේවා සැපයීම සිදු කිරීම. 4. පාරිබෝගික ගනුදෙනු සිදු කරන විටදී BIMA හි වෘත්තීයභාවය, සේවාවන්හි ගුණාත්මකභාවය සහ හැසිරීම පිළිබඳ ප්‍රමිතීන් ඒ අයුරින් පවත්වගනිමින් විකුණුම් සහ වෙනත් ඉලක්ක සපුරා ගැනීම 5. BIMA හි තොරතුරු තාක්ෂණ මෙවලම් සහ පද්ධති භාවිතා කරමින් ගනුදෙනු නිවැරදිව සටහන් කිරීම. 6. BIMA හි නිෂ්පාදන, සේවා, ප්‍රතිපත්ති සහ නවතම තොරතුරු යාවත්කාලීනව තබා ගනිමින් ගනුදෙනුකරුවන්ට ඉහළම ගුණාත්මක සේවාවක් සැපයීම 7. පාරිබෝගිකයින් විසින් කරුණු විමසීමක් කල අවස්ථාවන් වල කාර්යක්ෂමව හා වෘත්තීයමය අයුරින් හසුරුවමින් නිසි විසදුම් ලබා දීම. 8. සමාගමේ ව්‍යාපාරික චර්යාධර්ම පද්ධතිය, ආයතනික ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සහ ව්‍යවස්ථාපිත අවශ්‍යතා සදහා අනුගත වෙමින් ක්‍රියා කිරීම. 9. කණ්ඩායම් නායකයින්ව සෑම දිනකම හමු වීම. කණ්ඩායම් රැස්වීම් වලට සහභාගී වෙමින් දැනුම වර්දනය කර ගැනීම තුලින්, රැකියාවේ වර්නධය සදහා උත්සහ කිරීම. ඔබට අප හා සම්බන්ධ වීමෙන්...... මුලික වැටුප් සහ කාර්යසාධනය මත පදනම් වූ ආකර්ශනීය දිරි දීමනා, කඩිනම් වෘත්තීයමය දියුණුවක්, සති අන්ත දෙදින නිවාඩු, සුහදශීලි වැඩ පරිසරයක්, කුසලතා සංවර්ධනය සදහා පුහුණුවක් ලබාගත හැක. අවශ්‍ය නිපුණතා සහ පළපුරුද්ද 1. අ.පො.ස. (සා.පෙළ) ගණිතය සහ භාෂා විෂයයන් ඇතුළුව සමර්ථ වීම 2. අවුරුද්දක අලෙවිකරණ සේවා පළපුරුද්ද 3. අලෙවි ඉලක්ක සපුරා ගැනීම උදෙසා කැමැත්තක් දැක්විය යුතු අතරම පීඩනයක් යටතේ වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුය. 4. ගනුදෙනුකරුවන් සමඟ මුහුණට මුහුණ ලා කතා කිරිමේ හැකියාව සහ විශ්වාසය, සබඳතාවය ඉක්මනින් ගොඩනඟා ගැනීමේ හැකියාව 5. කණ්ඩායම් හැගීමෙන් වැඩ කිරීමේ හැකියාව සහ තම වැඩ කටයුතු වගකිමකින් සිදු කිරීමේ හැකියාව . 6. නව කුසලතා නිපුණතා සහ තොරතුරු ඉක්මනින් ඉගෙන ගැනීම. ඉගෙනීමට ප්‍රිය විය යුතුය 7. හොඳ මූලික පරිගණක කුසලතාවයක් සහ නව මෙවලම් හා තාක්ෂණය ඉගෙනීමේ හැකියාව 8. හොඳ කාල කළමනාකරණය. වෙලාවට වැඩ කළ යුතු අතර හොඳ ස්වයං සංවිධානයක් තිබිය යුතුය. 9. විශිෂ්ට සන්නිවේදනය,සවන්දීමේ කුසලතාවය සහ සහයෝගීතාව ගොඩනගා ගත හැකි වීම. 10. අන් අය සමඟ ගනුදෙනු කිරීමේදී ධනාත්මක ආකල්පයක් පෙන්නුම කිරිමේ හැකියාව සහ නොපසුබට උත්සාහය ඒත්තු ගැන්වීම. ඉවසීමෙන් පාරිබෝගිකයා හැසිරවීම 11. දුෂ්කර අවස්ථාවන්හිදී සන්සුන්ව අන් අය සමඟ කටයුතු කිරීමට හැකි විය යුතුය. උදා. පැමිණිලි හෝ විරෝධතා සන්සුන්ව හැසිරවීම 12. දීර්ඝ කාලයක් කැපවීමෙන් වැඩ කිරීමට ඇති හැකියාව 13. සිංහල හෝ දමිළ භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore