Customer Care Executive - Colombo

Customer Care Executive - Colombo

Job Description

අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන අලුතින් පටන්ගත් ව්‍යාපාරයක (start up business) customer care executive තනතුරු සඳහා කඩිනමින් සේවිකාවන් බඳවාගනු ලැබේ. (දෙහිවල කොළඹ අවටින්) වැටුප: LKR25,000-LKR40,000+ (ස්ථාවර + කොමිස් +අතිකාල දීමනා පදනම් කරගත් වැටුප) (ඔබගේ හැකියාව අනුව LKR30,000-LKR40,000+ මුදලක් උපයා ගත හැකිය) මූලික පුහුණුව ලබා දෙනු ඇත ( මාස 1-3, ඔබගේ හැකියාව මත) පුහුණු කාල වැටුප: LKR 25,000 (ස්ථාවර) රැකියා කාර්යභාරය 👉 ආචාරශීලීව ගනුදෙනුකරුවන් සමඟ calls chat කිරීම (FB IG) 👉 අදාළ excel sheets emails සකස් කිරීම 👉 අපගේ ඇණවුම් කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කිරීම ආදිය. (සම්පූර්ණ පුහුණුව ලබා දෙනු ඇත) රැකියාව සඳහා අපගේ දෙහිවල පිහිටි කාර්යාලයට පැමිණිය යුතුවේ. වැඩ කරන වේලාවන්: පළමු සති 1-4: පෙ.ව. 8.45 - ප.ව. 5.45 දක්වා ඉන්පසු: Shift 1: පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා Shift 2: ප.ව. 2.00 - ප.ව. 11.00 (මෙම මාරුවේ සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ (වැඩ අවසන් කිරීමෙන් පසු)) (ඔබ කැමති shift එකක් තෝරා ගත හැක) වැඩ කරන දවස්: සඳුදා-සිකුරාදා: සම්පූර්ණ දිනය සෙනසුරාදා ඉරිදා: අර්ධ දින නිවාඩු පෝය අනෙකුත් නිවාඩු: නිවාඩු අතිකාල දීමනා සහිතව වැඩ සුදුසුකම් 👉 අවංකභාවය 👉 ගනුදෙනුකරුවන් සමඟ ආචාරශීලීව කටයුතු කිරීමේ හැකියාව 👉 පරිගණක හැසිරවීමට හැකිවීම 👉 Ms Excel පිළිබඳ මූලික දැනුම 👉 සිංහල භාෂාවෙන් චතුර ලෙස කථා කිරීමට හැකිවීම 👉 ඉංග්‍රීසි භාෂාවෙන් Chat කිරීමට හැකිවීම (සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් වේ) 👉 හොඳ අවධානයකින් යුතුව උනන්දුවෙන් වැඩකිරීමේ හැකියාව 👉 අ.පො.ස. සා. පෙළ සමත්ව තිබීම 👉 පෙර අත්දැකීම් ඇති අයදුම්කරුවන් වෙත විශේෂ අවධානයක් දෙනු ලැබේ (call center අත්දැකීම් ඇති අයදුම්කරුවන් සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ) සැලකිය යුතුයි: 1. අප ආයතනය අලුතින් පටන්ගත් ව්‍යාපාරයක් බැවින් ඔබගේ සුදුසුකම් වලට අනුව ඉහල තනතුරු වලට පසුව තෝරාගනු ලැබේ. 2. සේවක තෘප්තිය පිලිබඳ අවදානය යොමු කරනු ලැබේ. (අනවශ්‍ය ලෙස අධික ලෙස වැඩ කිරීමට උපදෙස් නොදෙනු ලැබේ) 3. වැඩ කරන ස්ථානය වායුසමීකරණය කරන ලද ස්ථානයකි. අයදුම් කිරීම ඔබ වැඩ කිරීමට කැමති වේලාව (shift) සඳහන් කරන්න. (ප.ව. 2.00 - ප.ව 11.00, වේලාවෙහි වැඩ කිරීමට කැමති අයදුම් කරුවන් සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ) ඔබගේ අයදුම්පත විශ්ලේෂණය කිරීමෙන් පසුව අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු. ස්තූතියි!.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore